ඔමික්‍රෝන්වලින් පසු යුරෝපයේ කොරෝනා අවසන් විය හැකියි; WHO

ජන 24, 2022

    "ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තියෙන් පසු යුරෝපයේ කොරෝනා වසංගතය අවසන් විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්‍ෂවරයා පවසනවා.

    වෛද්‍ය හාන්ස් ක්ලුග් ප්‍රකාශ කරන්නේ, වැඩි පිරිසකට වෛරසය ආසාදනය වීම හා යුරෝපා කලාපයේ සෘතු වෙනස් වීම ඊට හේතුව බවයි. යුරෝප‍යේ රටවල් රැසකින් දෛනිකව ලක්‍ෂයකට අධික ආසාදිත පිරිසක් හඳුනා ගැනෙනවා. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉතාලිය හා රුසියාව වසංගතයේ උච්චතම අවස්ථාව පසුකරමින් සිටින බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 
    විශාල පිරිසකට වෛරසය ආසාදනය වී‍මෙන් ස්වභාවිකව ඇති වන ප්‍රතිශක්තිකරණය හේතුවෙන්, වසංගතය අවසන් වනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි යුරෝපා කලාපීය අධ්‍යක්‍ෂවරයා පවසන්නේ, කලාපයේ රටවල් සහ භූමි ප්‍රදේශ 53ක් ඊට අයත් බවයි.

    Latest News