බ්‍රිතාන්‍යයේ රහස් චීනයට දෙන කාන්තාවක් ගැන හෙළිවෙයි

ජන 14, 2022

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රහස් චීනයට ලබා දෙන කාන්තාවක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජ්‍ය ඔත්තු සේවය, විශේෂ වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

    මේ වන විට චීනය, බටහිර රටවල් සමග සීතල යුද්ධයක නිරතව සිටියි. බ්‍රිතාන්‍යයේ එම් අයි ෆයිව් නමැති රහස් ඔත්තු සොයා බලන නිලධාරීන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමග සමීප සබඳතා පවත්වන ක්‍රිස්ටින් චීං කුයි - ලී නමැති කාන්තාව පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර ගෙන තිබේ.

    ඇය එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ පෞද්ගලික මිතුරියක් ලෙස කටයුතු කරන අතර විවිධ අවස්ථාවලදී මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කාන්තාවක් වන ඇය සම්බන්ධයෙන් ඔත්තු සේවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ද දන්වා තිබේ. මෙම වාර්තා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News