ඩෙල්ටාවලට වඩා ඔමික්‍රොන් ව්‍යාප්තිය 71%කින් වේගවත්

ජන 07, 2022

    ගෝලීය දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්.

    එම ප්‍රභේදය ව්‍යාප්ත වීමේ වේගය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 71%කින් වැඩි බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඔමික්‍රෝන් යනු දැනට වාර්තා වී ඇති පරිදි ඉහළම ව්‍යාප්ති වේගය ඇති කොරෝනා වෛරස කාණ්ඩයයි.

    අමෙරිකාවේ හා දකුණු මධ්‍යම අමෙරිකානු කලාපයේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත්ව සිදු වෙයි.

    අමෙරිකාවේ කොරෝනා එන්නත් මාත්‍රා දෙක ලබාගත් සංඛ්‍යාව 42.3%ක්. එහෙත්, ඔමික්‍රෝන් තර්ජනය හේතුවෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

    අමෙරිකාවේ ඊයේ නව ආසාදිතයින් හය ලක්ෂ 46,000ක් වාර්තා වී තිබේ. එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි 94 ලක්ෂ 50,000 ඉක්මවා තිබේ. මේ වන විට සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 30 ඉක්මවා ඇතැයි,ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියි.

    Last modified on සිකුරාදා, 07 ජනවාරි 2022 11:24

    Latest News