ස්පාඤ්ඤයේ මුගටි ලක්ෂයක් මරා දැමේ

ජූලි 17, 2020

    “මින්ක්” නමැති මුගටි විශේෂයෙහි සතුන් ලක්‍ෂයක් පමණ මරා දැමීමට ස්පාඤ්ඤ රජය පියවර ගෙන තිබේ.

    ඒ එම සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. මෙම සතුන් ඇති දැඩි කරන්නේ, සම් ලබාගැනීමේ අරමුණින්. ගොවිපොළේ හිමිකරුට, ඔහුගේ බිරිඳට සහ සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අනතුරුව කළ පරීක්‍ෂණවලදී තහවුරු වූයේ, ගොවිපොළේ සිටින “මින්ක්“ මුගටින්ගෙන් 87%කට වෛරසය වැළඳී ඇති බවයි. එම සතුන්ගෙන් මිනිසුන්ට රෝගය පැතිරීම වැළැක්වීමේ ආරක්‍ෂාකාරී පියවරක් ලෙස එම සතුන් මරා දැමීමට තීරණය කර ඇත. සතුන් ඇති කළ අදාළ සමාගමට වන්දි පිරිනැමීමට ද එරට රජය පියවර ගෙන තිබේ.

    Latest News