ඉරානයෙන් තවත් රොකට්ටුවක්

දෙසැ 31, 2021

    ඉරානය තවත් රොකට්ටුවක් ඊයේ අභ්‍යවකාශ ගත කර තිබේ. බලධාරීන් පවසන්නේ, අභ්‍යවකාශයට චන්ද්‍රිකා රැගෙන යන වර්ගයේ රොකට්ටුවක් මෙලෙස ගුවන් ගත කළ බවයි.

    මෙම රොකට්ටුවෙන් පරීක්ෂණ උපකරණ තුනක් අභ්‍යාවකාශයට රැගෙන ගිය බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි. රැගෙන ගියේ කුමන උපකරණ ද යන්න පිළිබඳ කිසිදු වාර්තාවක් නිකුත කර නැහැ. එම උපකරණ අභ්‍යාවකාශයේ කුමන කක්ෂයක රඳවන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ද වාර්තා වී නැහැ. ඉරානය මේ දිනවල ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සාකච්ඡාවල නිරතව සිටිනවා. ඔවුන් පවන්නේ, සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරීමට නම්, රටට එරෙහිව පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවයි. මෙම රොකට්ටුව හේතුවෙන් අදාළ සාකච්ඡාවලට බලපෑම් එල්ල වනු ඇති බව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

    Latest News