විදෙස් රටවල සිට එන සියලු දෙනා දින 14ක නිරෝධායනය අනිවාර්යයි

මැයි 12, 2021

    විදෙස්ගතව සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සඳහා  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    ඒ අනූව, විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින්ට දින 14ක නිරෝධායනය අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

    පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ විදෙස් ගතව සිට පැමිණෙන සියලුම පුද්ගලයින් සඳහා වන සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.

    සංශෝධිත මාර්ගෝපදේශ මාලාවට අනූව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 2ට අඩු දරුවන් සඳහා පී සී ආර් පරික්ෂණ සිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුදෙනා මෙරටට පැමිණ පළමු දිනයේ දී පී සී ආර් පරීක්ෂණයක් සඳහා සහභාගී වීම අනිවාර්යයි.

    පැමිණෙන සියලුදෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතුයි. එම මාධ්‍යස්ථානවලින් පිටවිය හැක්කේ නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සහ දින 11ත් 14ත් අතර සිදු කරන තවත් පී සී ආර් පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

    එම පුද්ගලයින් කොවිඩ්-19 රෝගය වැළඳුනු අයෙකු සමග සමීප ඇසුරක් පවත්වා ඇත්නම් අදාළ පුද්ගලයාගේ නිරෝධායන කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරේ.

    සංශෝධිත මාර්ගෝපදේශ මාලාව ලබන 31 දක්වා බලපැවැත්වෙන අතර ගෝලීය කොරෝනා ව්‍යාප්තිය සහ දිවයිනේ පවතින තත්වය මත මෙම මාර්ගෝපදේශ ඉදිරියේ දී නැවත සංශෝධනය වනු ඇති බවයි,සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Qurantine

     

     

    Qurantine2

    Qurantine3

     

    Last modified on බදාදා, 12 මැයි 2021 13:01

    Latest News