අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දැවැන්ත හිම කුණාටුවලින් බලපෑම්

දෙසැ 27, 2021

    අමෙරිකාවේ කැලිෆෝනියා ඇතුළු බටහිර ප්‍රදේශයේ ප්‍රාන්ත රැසක්, දැවැන්ත හිම කුණාටුවලින් බලපෑමට ලක්ව තිබෙනවා.

    දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිට ඇති නිසා දෛනික කටයුතු අඩපණවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරුදිග ප්‍රදේශයට පැය 24 ක් ඇතුළත පොළොවේ අඟල් 30 ක් පමණ උසකට හිම පතිතවී තිබෙනවා. මාර්ග රැසක් අවහිර වී ඇති අතර, එම මාර්ග වසා තැබීමට බලධාරින් පියවර ගත්තා. ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක කිලෝ මීටර් 112 ක පමණ දුරක්, හිමෙන් යටවී තිබෙනවා.

    ප්‍රාන්ත 6 කට හිම කුණාටු අනතුරු ඇඟවීමට මේ වනවිටත් නිකුත් කර අවසන්. පසුගිය සතිය පුරා දකුණුදිග කැලිෆෝනියා ප්‍රාන්තය බලපෑමට ලක්වූයේ අධික වැසි හේතුවෙන්, ගංවතුර හටගැනීම නිසයි. දැනට බලපා ඇති හිම කුණාටු තත්වය, ලබන බදාද පමණ වන තෙක් පවතිනු ඇතැයි, කාලගුණ බලධාරින් පවසනවා. පවතින තත්වය හමුවේ,  පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැනත්, තිදෙනෙකු තුවාල ලබා ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. අන්තර් ප්‍රාන්ත මාර්ග රැසක ගමනාගමනය අවහිර වී තිබෙනවා. එම නිසා මේටර් රථ රැසක් මාර්ගවල සිරවී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News