'ජේම්ස් වෙබ්' රැගත් රොකට්ටුව ගමන් අරඹයි

දෙසැ 26, 2021

    විශ්වයේ ආරම්භය සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය රැගත් රොකට්ටුව ඊයේ සාර්ථකව ගමන් ආරම්භ කෙරිණ.

    එය මේ මොහොතේ පෘතුවියෙන් කිලෝමීටර ලක්ෂ 2කට ආසන්න දුරක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය එක්ව මෙම දුරේක්ෂය නිපදවා තිබේ.

    එය ඉදිකෙරුණේ, හබල් දුරේක්ෂයට ආදේශකයක් ලෙසයි. මෙම දුරේක්ෂය නම් කර ඇත්තේ ඇපලෝ සඳ ගමන සැලසුම් කළ විද්‍යාඥයෙක් සිහි වීම පිණිසයි. මෙය සම්පූර්ණ කිරීම සඳහා මිනිස් පැය මිලියන 40ක් ගත වී තිබේ.

    ඊට වැය කෙරුණු මුදල, අමෙරිකානු ඩොලර් බිලියන 10ක්.වසර බිලියන 13කට පෙර විශ්වය බිහි වීමට මුල් වූ මහා පිපිරීම යනුවෙන් හැඳින්වෙන අවස්ථාවේ සිට සිදු වූ සියලු දෑ මෙම දුරේක්ෂයෙන් දැන ගැනීමට හැකි වනු ඇති බවයි, විද්‍යාඥයින් පවසන්නේ.

    මෙම දුරේක්ෂය හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයක ප්‍රබලතාවයකින් යුක්තයි.

    මේ වන විටත් තම ඉලක්කය කරා ගමන් කරමින් සිටින ජේම්ස් වෙබ් දුරේක්ෂය, නිසි ආකාරයට ස්ථාන ගත වී ක්‍රියාත්මකවීමට සති දෙකකට වැඩි කාලයක් ගත වෙයි.

    Latest News