ඇෆ්ගනිස්තානයේ ආහාර අර්බුදය උග්‍ර අතට....

දෙසැ 20, 2021

    ඇෆ්ගනිස්තානයේ ආහාර හා සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් විපතට පත්වී සිටින ජනයාට සහන සැලසීම සඳහා ඉස්ලාමීය රටවල් හදිසි අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා.

    ඇෆ්ගන් වැසියන් මිලියන 23 ක් දැනටමත් දැඩි ආහාර හිඟයකට මුහුණා පා සිටින බවයි වාර්තා වන්නේ. තලේබාන් සංවිධානය ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලන බලය සම්පූර්ණයෙන්ම අල්ලා ගත්තා. ඒ, අමෙරිකාව, ඇෆ්ගනිස්තානයෙන් හමුදා කඳවුරු ඉවත්කර ගැනීමෙන් පසුවයි. ඒ සමගම ඇෆ්ගනිස්තානයට විදේශ ආධාර සහ අරමුදල් ගලා ඒම සම්පූර්ණයෙන් අවහිර වුණා.

    ඒ හේතුවෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම බරපතල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. ඉස්ලාමීය සමුළු සංවිධානයට අයත්, සාමාජික රටවල් නියෝජිතයින් පකිස්තානයේදී රැස්වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. එහිදී, එකඟතාව පළ වූයේ, නව මානුෂීය සහන වැඩපිළිවෙලක් දියත් කිරීමටයි. ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා ඉස්ලාමීය රටවල් පෙරමුණ ගෙන සිටිනවා.

    Latest News