බ්‍රිතාන්‍යයේ සිට එන පුද්ගලයින්ට ප්‍රංශයෙන් සීමා

දෙසැ 17, 2021

    බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ නැවත වරක් 10,000කින් ඉහළ ගොස් තිබේ.

    බදාදා වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව වසංගතය ආරම්භයේ සිට හඳුනා ගනු ලැබූ වැඩිම සංඛ්‍යාව වී තිබුණද එය මෙලෙස යළිත් වරක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    බ්‍රිතාන්‍යයේ ඉකුත් බදාදා දිනය නිමා වන විට වාර්තා වී තිබූ කොරෝනා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 78,339ක්. ඉකුත් පැය 24 තුළ එම සංඛ්‍යාව 88,376 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉකුත් දින කිහිපයේ එරටින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 600කට අධිකයි. නව කොරෝනා ප්‍රභේද වේගයෙන් පැතිරීම හා නත්තල් සමයේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා බොහෝ පිරිසක් පැමිණීම හේතුවෙන් ජනතාව ගැවසෙන ස්ථාන වැඩි වී තිබේ.

    බ්‍රිතාන්‍ය තුළ ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ප්‍රංශය වැනි රටවල් බ්‍රිතාන්‍ය සිට පැමිණෙන පුද්ගලයන් සඳහා සංචාර සීමා පැනවීමටයි, පියවර ගෙන ඇත්තේ.
    ඒ අනූව, බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන එන්නත් ලැබූ හා නොලැබූ සියලු දෙනාට ප්‍රංශයට ඇතුළුවීමේ දී නිරෝධායන කාලයකට යටත් වීමට සිදු වෙයි.

    Latest News