අමෙරිකාවේ ඔමික්‍රෝන් වේගයෙන් පැතිරේ....

දෙසැ 17, 2021

    අමෙරිකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් පැතිරයාමේ ඉඩ ඇති බවට එරට ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවනවා.

    ඔහු එරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් මර්දන එන්නත් හැකි ඉක්මනින් ලබාගන්නා ලෙසයි. වසංගතයට ඇති එකම විසඳුම කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම බව ද ජෝ බයිඩන් පවසනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්, බූස්ටර් එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ද ඔහු පෙන්වා දෙනවා. අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 44,000කට අධිකයි. මරණ 997ක් සිදුව තිබෙනවා.

    Latest News