ප්‍රංශය ප්‍රජාතන්ත්‍රවාදය කතා කරවයි

ජූලි 01, 2024

    'ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය පක්ෂය' එරට පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ඇති බව හෙළි වී තිබෙනවා.

    මැතිවරණයේ දෙවැනි වටය ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    එම පක්ෂයේ මුල් සාර්ථකත්වය සමරමින් එහි නායිකා මරීනා ලෙ පවසන්නේ, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ කඳවුර ප්‍රායෝගිකව අතුගා දැමූ බවයි. ‌මෙවර මැතිවරණයේදී "ප්‍රජාතන්ත්‍රවාදය කතා කර ඇති" බවද ඇය පෙන්වා දෙනවා.

    දක්ෂිණාංශික ජාතික රැලියට එරෙහි පුළුල් සන්ධානයක් සඳහා මැක්‍රොන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ පැවති මැතිවරණයේ පළමු වටයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඉහල අගයක පැවතුණා. එය 1997 න් පසු එරට පාර්ලිමේන්තු මැතිවරණයක ඉහලම ඡන්දය ප්‍රකාශ කිරීමේ අගයයි.

    මේ මස මුලදී පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති මැක්‍රොන්ගේ පක්ෂය පරදවා අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් සති තුනකට පසු ජනාධිපති මැක්රෝන් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් කැඳවනු ලැබුවා.

    ඊයේ පැවති මැතිවරණයේ පළමු අදියරෙන් සියයට 12.5 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයින් ඊළඟ වටයට පිවිසීමට සුදුසුකම් ලබනවා.

    Latest News