ඔමික්‍රොන් රටවල් 77ක පැතිර යයි

දෙසැ 16, 2021

    මේ වන විට ගෝලීය වශයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට රටවල් 77ක් දක්වා පැතිර ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.

    ඇතැම් රටවල නව වෛරස ප්‍ර‍භේදය පැතිර ඇති බවට තොරතුරු වාර්තා වුවද එය සනාථ කිරීමට තරම් සාක්ෂි ලැබී නොමැත.

    මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව විසිහත් කෝටි විසි හතර ලක්ෂ 47,000 ඉක්මවා ගොසින්.

    එම පිරිසෙන් මරණ පනස් තුන් ලක්ෂ 45,000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 දෙසැම්බර් 2021 11:59

    Latest News