අමෙරිකාවේ විස්කොන්සින් අනතුරින් 5 ක් මරුට...

නොවැ 22, 2021

    අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ, අද සිදුවූ අනතුරකින්, 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

    පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක්, විශේෂ නත්තල් පෙළපාලියක් පැවැත්වෙන අවස්ථාවේ, ඊට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ. විස්කොන්සින් ප්‍රාන්තයේ වොකේෂා නගරයේ වාර්ෂිකව පැවැත්වෙන පොළපාලියකදී අනතුර සිදුවී තිබෙනවා.

    සිද්ධියෙන් 40 කට අධික පිරිසක්, බරපතල තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර පෙළපාලියේ ගමන් ගත් කුඩා දරුවන් ද සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්. එස්.යූ.වී. වර්ගයේ මෝටර් රථය, පෙළපාලියට කඩාවැදී ඇත්තේ තූර්ය වාදක කණ්ඩායම් ප්‍රමුඛ කරගනිමින්, සියලු දෙනා ගමන් කරමින් සිටි අවස්ථාවේදී.

    අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අංශ පවසන්නේ, මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට මෙතෙක් තහවුරු කළ නොහැකි බවයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 19:38

    Latest News