යුරෝපයට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි

නොවැ 22, 2021

    ලබන පෙබරවාරි මාසය තුළ දී කොරෝනා මරණ ලක්ෂ 5කින් යුරෝපය පුරා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    කොවිඩ් පාලනය කිරීම සඳහා පනවා ඇති සීමා කිරීම් හා නීති රීති ප්‍රතික්ෂේප කරමින් යු‍රෝපය පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ ඇති වීම මෙයට හේතුව ලෙසයි,ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ.

    නැවතත් කොවිඩ් වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති යුරෝපයේ, වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය කනස්සල්ල පළකර තිබේ.

    එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හැන්ස් ක්ලූජ් ඉදිරි අවුරුද්දේ පෙබරවාරි මාසය තුළ වැඩිවිය හැකි මරණ පිළිබඳ මෙසේ අනතුරු අඟවා තිබේ.

    එමෙන්ම, මුව ආවරණ භාවිතය ඉහළ නැංවීම කඩිනම් කිරිම පිළිබඳ ඔහු වැඩිදුරටත් ක්ෂණික පියවරක් ලෙස පෙන්වා දී තිබේ. කොවිඩ් පාලනය සීමාවලට එරෙහිව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 11:13

    Latest News