කොවිඩ් සීමා යළි පැනවීමෙන් නෙදර්ලන්තයේ විරෝධතා

නොවැ 22, 2021

    කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය නිසා නැවත සංචරණ නීති පැනවීමට පියවර ගැනීමෙන් නෙදර්ලන්තයේ ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

    එරට හේග් නුවර විරෝධතාකරුවන් පොලීසිය සමඟ ගැටුම් ඇති කර ගත් අතර, පාපැදි ගිනිතබා විනාශ ඇති බවත් වාර්තා වන්නේ.

    රොටර්ඩෑම්හි විරෝධතා ප්‍රචණ්ඩකාරී අතට හැරීම නිසා පොලීසිය විවෘත වෙඩි තැබීමක් සිදු කර ඇත. යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් රැල්ල හේතුවෙන් පනවා ඇති සංචරණ නීතිවලට එරෙහිව ඔස්ට්‍රියාවේ, ඉතාලියේ සහ ක්‍රොඒෂියාවේ ජනතාව ද වීදි බැස තිබේ.

    යුරෝපා මහාද්වීපයේ කොවිඩ් වර්ධනය වෙමින් පවතිද්දී මෙවැනි විරෝධතා පැවැත්වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර නිසි පියවර නොගතහොත් එළැඹෙන සීත සෘතුවේදී යුරෝපයේ කොවිඩ් මරණ මිලියන භාගයක් සිදු වනු ඇතැයි කලාප අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූග් මාධ්‍ය වෙත පවසා තිබේ.

    වෛරසය සමඟ සටන් වැදීමට එන්නත් ලබාගැනීම, මුඛ ආවරණ පැළැඳීම සහ කොවිඩ් පාස් භාවිත කිරීම කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 11:02

    Latest News