නෙදර්ලන්තයේ ආසාදිතයින් සෙවීමේ ස්වසන පරීක්ෂාව සාර්ථකයි

පෙබ 08, 2021

    නෙදර්ලන්තයේ කොරෝනා ආසාදිතයන් පරීක්ෂාව වේගවත් කිරීම සඳහා ආරම්භ කෙරුණු පුද්ගලයන්ගේ ස්වසනය පරීක්ෂා කිරීමේ නව ක්‍රමවේදය සාර්ථකව වී තිබේ. ආසාදිතයන් ක්ෂණිකව හඳුනා ගැනීමට මෙන්ම අඩු වියදමකින් එම පරීක්ෂාව කළ හැකි වීම ද මෙහි විශේෂත්වයක්.

    වසරකට ආසන්න කාලයක සිට සිදු කෙරුණු පරීක්ෂණවලින් පසු නෙදර්ලන්තයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නව ක්‍රමවේදය විශ්වාසදායක බවයි. පරිගණක තාක්ෂණය මගින් ආසාධිතයන්ගේ ස්වසනය පරීක්ෂාවට ලක් කෙරෙන අතර ප්‍රතිඵල ක්ෂණිකව පරිගණකයේ සඳහන් වෙයි.

    පීසීආර් වැනි පරීක්ෂණ මිලෙන් අධික වන අතර එහි ප්‍රතිඵල ද තරමක් ප්‍රමාද වෙයි. ඒ සඳහා මෙම නිපැයුම කදිම විසඳුමක් බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ, වසංගත තත්වය පාලනය සඳහා වේගවත් පරීක්ෂණ වැඩපිළිවෙළක් මෙම ක්‍රමවේදය අනූව සිදු කෙරෙමින් පවතියි.

    නෙදර්ලන්තයේ 14,000කට වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ. වෛරසය ආසාදනය වී ඇති පිරිස ලක්ෂ 10කට අධිකයි.

    Last modified on සදුදා, 08 පෙබරවාරි 2021 10:49

    Latest News