යුරෝපය යළිත් කොවිඩ් රැල්ලක් සමග සටනේ...

නොවැ 21, 2021

    යුරෝපය යළිත් කොවිඩ් රැල්ලක් සමග සටන් කරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    මේ සම්බන්ධයෙන් හදිසි පියවර නොගතහොත් එළඹෙන මාර්තු මාසය වන විට තවත් කොවිඩ් මරණ  500,000 කට අධික සංඛ්‍යාවක් යුරෝපයෙන් පමණක් වාර්තා විය හැකි බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ. එළඹෙන ශීත ඍතුවත් සමග රෝගය තවදුරටත් උත්සන්න විය හැකි බවට, සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

    ඒ අනුව, මුව ආවරණ පැළඳීම ඇතුලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ඉදිරියටත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව, ඔවුන් පෙන්වා දෙනවා. යුරෝපයේ රටවල් රැසක් මේ වන විටත් හදිසි අඟුළුදැමීමේ පියවර අනුගමනය කරන අතර එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

    Latest News