ගංවතුරෙන් තිරුපති යටවේ...

නොවැ 21, 2021

    ඉන්දියාවේ මේ දිනවල පවතින දැඩි වර්ෂාපතන තත්වයත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මියගිය පිරිස 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පුද්ගයින් 100 කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව සැක කෙරෙනවා. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ඇති වූ ජල ගැලීම හේතුවෙන් තිරුපති දේවාලය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි, විදෙස් මාධ්‍යවල සඳහන්.

    අයහපත් කාලගුණ තත්වයට හේතුව, බෙංගාල බොක්කේ ඇතිවූ අවපීඩන තත්වයයි. දේවස්ථානය වන්දනා කිරිමට පැමිණි බැතිමතුන් විශාල පිරිසක් ද එම භූමියේ කොටුවී ඇති බවයි, පැවසෙන්නේ. මේ අතර, පසුගිය දිනවල තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.

    මේ නිසා, තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද අත්හිටුවනු ලැබුවා. ගංවතුර තත්වයත් සමග ආපදාවට ලක්වූ හා අතුරුදහන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News