ඊයේ වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන්

නොවැ 16, 2021

    ඊයේ දිනය තුළ වැඩිම කොරෝනා මරණ වාර්තා වූ රට බවට පත්වූයේ රුසියාවයි.

    එරටින් 1,200කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය. රුසියාවේ පසුගිය දින කිහිපය තුළම 1000කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

    මේ අතර ජර්මනි කොරෝනා ආසාදිත සංඛ්‍යාව පුද්ගලයින් ලක්ෂයකට 300 ඉක්මවා තිබෙනවා. ආසාදිත සංඛ්‍යාව එම අගය ඉක්මවා ගියේ ප්‍රථම වරටයි.

    ජර්මනියේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම පසුගිය සතිය තුළ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන්, ජර්මනියේ එන්නත්කරණය අනිවාර්ය කළ යුතු බවයි, විශේෂඥයින් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 12:49

    Latest News