ඔස්ට්‍රෙිලියාව එන්නත්කරණය වේගවත් කරයි....

සැප් 06, 2021

    කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියේ ශිඝ්‍ර වර්ධනයත් සමග එරට එන්නත්කරණ වැඩපිලිවෙල වේගවත් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

     

    එමෙන්ම, ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ රෝගීන් වාර්තා වීම උපරිම ධාරිතාවට ළඟා වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.  රෝගීන්ගේ ඉහළ යාමත් සමග එරට දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාව දැඩිව මතුව තිබෙනවා. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා දැමීම හේතුවෙන්, එරට ආර්ථිකයට ද  දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු රජය, එක්සත් රාජධානියෙන් කොවිඩ්ච මර්දන එන්නත් මාත්‍රා මිලියන 4 ක් ලබා ගෙන ඇත. එරටින් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 1,658 ක් වාර්තා වූ අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3 ක්.

    Latest News