"මූ ප්‍රභේදය" රටවල් 43 ක ව්‍යාප්තයි...

සැප් 03, 2021

    කොලොම්බියාවෙන් මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයේ "මූ ප්‍රභේදය" මේ වන විට රටවල් 43 ක ව්‍යාප්ත වී ඇති බව කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    මෙම නව ප්‍රභේදය විකෘති ගණනාවකින් යුක්ත බැවින් මේ පිළිබඳව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයන රැසක් සිදුකළ යුතු බවයි ලෝත සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.  "මූ ප්‍රභේදයේ" ව්‍යාප්තිය ගෝලීය වශයෙන් තවමත් 0.1% ක අගයක් ගන්නා නමුත් කොලොම්බියාවේ සහ අසල්වැසි ඉක්වදෝරයේ මෙය ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. කොලොම්බියාවේ කොවිඩ් රෝගීන්ගෙන් 39% කට පමණ මෙම ප්‍රභේදය ආසාදනය වී ඇති අතර එරට තුන්වැනි රැල්ලේ මරණවලින් 60% ක් මෙම ප්‍රභේදය හා සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ.

    Latest News