ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදාව ඉවතට

අගෝ 17, 2021

    ඇෆ්ගනිස්තානයේ තම හමුදාව ඉවත් කර ගැනීමේ තීරණය නිවැරදි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම තීරණය ගනු ලැබුවේ නිවැරදි අවස්ථාවේ බවයි.

    ඊයේ තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය සම්පූර්ණයෙන් සියතට ගනු ලැබීය. අමෙරිකානු හමුදා ප්‍රමුඛ නේටෝ හමුදාව එරටින් ඉවත්ව යාමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇරඹි ඇෆ්ගන් තලේබාන් සටන්කරුවන්ගේ මෙහෙයුම්වලින් දින 10ක් ඇතුළත සම්පූර්ණ ඇෆ්ගනිස්තානයේ බලය ඔවුන් නතු කර ගනු ලැබීය.

    කෙසේ වෙතත් මේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන්ට විශාල වශයෙන් චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රශ්න කර සිටියේ, ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තවත් අමෙරිකානු ජීවිත කොපමණ ප්‍රමාණයක් බිලි දිය යුතු ද යන්නයි.

    කෙසේ වෙතත්,ඇෆ්ගන් සරණාගතයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් අමෙරිකාව විසින් වෙන් කර තිබේ. මේ වන විට ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ යළිත් විවාත කර තිබේ. ඊයේ ඇති වූ කලබලකාරී සිදුවීමෙන් අනතුරුව,ගුවන් තොටුපොළ තාවකාලිකව වසා තැබිණ. පුද්ගලයින් 5 දෙනෙක් එම සිදු වීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

    එසේම,පුද්ගලයින් කිහිපදෙනෙක් එල්ලී ගමන් කළ ගුවන් යානයේ රෝද අතර සිරවී සිටි පුද්ගලයෙක්ගේ මළසිරුරක් ද හමු වූ බවත් වාර්තා වෙයි.

    ඇෆ්ගනිස්තානයෙන් මේ වන විට බොහෝ රටවල තුම තානාපති කාර්යාල කාබුල් අගනුවර තවමත් පවත්වාගෙන යයි.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 15:32

    Latest News