ඩෙල්ටා නිසා යුරෝපයේ ආසාදිතයින් ඉහළට

ජූලි 10, 2021

    කොරෝනා නව ප්‍රභේදය හේතුවෙන් ගෝලීය වශයෙන් වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

    යුරෝපය තුළ ආසාදිතයන් ශීඝ්‍ර ලෙස ඉහළ යෑමට නව ඩෙල්ටා ප්‍රභේදය විශේෂයෙන් හේතු වී ඇති බවයි, වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍ය,ස්පාඤ්ඤය,රුසියාව යන රටවල නව කොරෝනා රැල්ලක් පවතියි. බ්‍රිතාන්‍යයෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 35,000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ. එරට ඊයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 29ක්. බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට පනස් ලක්ෂ 58,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    රුසියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 25,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගනු ලැබීය. එම කාලසීමාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 726ක්.

    ස්පාඤ්ඤයේ නව කොරෝනා රැල්ල හේතුවෙන් දෛනිකව නව ආසාදිතයන් 20,000කට වැඩි පිරිසක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඔස්ට්‍රේලියාව තුළ ද නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ වේගය ඉහළ  මට්ටමක පවතින බවයි. එරට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 400 ඉක්මවා ගොසින්. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය කොරෝනා වෛරසයේ වැඩි අවදානම් කලාපයක් බවට ඊයේ නම් කෙරිණ. සංචරණ සීමා තවත් දැඩි කිරීමට එරට බලධාරීන් අද තීරණය කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 10 ජූලි 2021 13:04

    Latest News