අභ්‍යවකාශ සංචාරක ක්ෂේත්‍රයේ නව පිටුවක්

ජූලි 12, 2021

    අභ්‍යවකාශ සංචාරක ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් වර්ජින් ගැලැක්ටික් “Vrgin Galactic" යානය සංචාරකයින් සිව් දෙනෙකු රැගෙන ඊයේ සාර්ථක ලෙස අභ්‍යාවකාශ සංචාරයක නිරත වුණා.

    එම සමාගමේ නිර්මාතෘ ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ද ඊට එක්වීම විශේෂත්වයක්. අමෙරිකාවේ නිව් මෙක්සිකෝ නගරයෙන් ආරම්භ වූ මෙම ගමනට හය දෙනකු එක් වූ අතර, වර්ජින් ආයතනයේ නිර්මාතෘවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු හා නියමුවන් දෙදෙනා ද ඇතුළත්. සංචාරයට පැයක පමණ කාලයක් ගත වී තිබෙනවා. මෙම රොකට්ටුව යුනිටි නමින් හැඳින්වෙන විශේෂ ගුවන් යානයකින් අඩි 50,000 ක් ඉහලට රැගෙන ගොස් මුදා හැරුණා.

    රොකට්ටුව ක්‍රියාත්මක වූයේ ඉන් අනතුරුවයි. එය පෘථිවියේ සිට කිලෝමීටර් 90ක් ඉහළට ගමන් කර අභ්‍යවකාශයේ ගුරුත්වය රහිත අත්දැක්වීම් විනාඩි කිහිපයක් විඳගැනීමෙන් පසු යළි පෘථිවිය බලා ගමන් කළා. මෙම සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් කියා සිටියේ අභ්‍යවකාශයට ගමන් කිරීමට තමාගේ කුඩා කල සිට තිබූ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව ලැබූ බවයි. මෙම ගමන සාර්ථක සිදු කෙරුණේ වසර 17 ක කාලයක් පුරා කළ අත්හදා බැලීම් වලින් අනතුරුවෙයි.

    අභ්‍යාවකාශ සංචාරය සිදු කිරීම සඳහා spacex සමාගම නිර්මාතෘ ඉලොන් මස්ක් සහ amazon සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසෝස් සමඟ පැවැති තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මේ අනුව සමත් වුණා. නමුත් එම සමාගමවල නිර්මාතෘවරුන් වර්ජින් සමාගමට සුබ පැතුම් එක්කර තිබුණා.

    Latest News