දේශපාලනයට එන්න හඳන තායි රජ කුමරිය

පෙබ 09, 2019

    තායිලන්ත රජ කුමරිය එරට අගමැති ධුරය සඳහා තරග වැදීමේ තීරණය තායිලන්ත රජුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

    සිය වැඩිමල් සොහොයුරිය වන උබෝල්රතන මහිදෝල් කුමරිය අගමැති ධුරය සඳහා තරග වැඳීම රාජකීය සම්ප්‍රදායන්ට නුසුදුසු බව තායිලන්ත රජු වජිරලොන්ග්කොං කියා සිටියි. 67 හැවිරිදි ඇය තායි රක් තායි පක්ෂයෙන් අගමැතිවරණය සඳහා ඉදිරිපත් වන බවයි,විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙය තායිලන්ත ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙන්නේ, මෙතෙක් එරට රාජකීයන් ක්‍රියාකාරී දේශපාලනයට එක්නොවීම හේතුවෙනි.

    මහිදෝල් කුමරිය කියා සිටින්නේ, තමන්ට හිමි සියලු රාජකීය තනතුරු සහ නාමය්න අත්හැරීමට තමන් සූදානම් බවයි. කෙසේ වෙතත්, කුමරිය තනතුරු සියල්ල අත්හැරිය නමුත්, ඇය රජය පවුලේ සාමාජිකයෙකු වීම නිසා මෙම මැතිවරණයට ඉදිරිපත් වීම තමන් හෙළා දකින බව, රජු කියා සිටියි. මෙම තත්වය හේතුවෙන් තායිලන්ත දේශපාලනයේ මැතිවරණයට පෙර සිටම දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති වී තිබේ.

     

    Latest News