ගැබ්ගෙල පිළිකා එන්නතට WHO අනුමැතිය

පෙබ 05, 2019

    ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට සඳහා නිපදවා ඇති එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ.

    මෙම පිළිකා තත්වය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් තුන් ලක්ෂ දස දහසකට අධික පිරිසක් මිය යන බවයි, එම සංවිධානය පවසන්නේ. මානව පැපිලෝමා වෛරස හෙවත් එස්ජීවී එන්නත විවිධ දුර්මත හේතුවෙන් මෙතෙක් භාවිතයට නොගැනුණු බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම එන්නත නිසි පරිදි භාවිත කර නොමැති බවයි, ජාත්‍යන්තර පිළිකා පරීක්ෂණ ආයතනය සඳහන් කළේ.

    ඊයේ දිනයට යෙදී තිබූ ලෝක පිළිකා දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, පැපිලෝමා එන්නත තහවුරු කළ හැකි එන්නතක් බවයි.

    Latest News