සල්මන්ගේ නවතම චිත්‍රපටයේ සියලු ආදායම් කොවිඩ් රෝගීන් වෙනුවෙන්

මැයි 07, 2021

    ඉන්දීය බොලිවුඩ් නළු සල්මන් ඛාන්, ඔහුගේ නවතම චිත්‍රපටය වන “රාධේ – යූර් මෝස් වොන්ටඩ් බායි” (Radhe: Your Most Wanted Bhai) චිත්‍රපටයේ සියලුම ආදායම් කොවිඩ් රෝගීන් වෙනුවෙන් යෙදවීමට ඔහු ඇතුළු චිත්‍රපට නිෂ්පාදකයන් තීරණය කර තිබේ.

    එළිදැක්වීමටත් පෙර සිටම දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චිත්‍රපටයත් ලෙසයි, මෙය විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මෙම චිත්‍රපටය ලබාගන්නා ආදායම ඔක්සිජන් සිලින්ඩර්, ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර ඇතුළු සියලුම වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරන බවද නළු සල්මන් ඛාන් පවසා තිබේ.

    ඉන්දියාව මේ වන විට මුහුණ දී සිටින තත්වය මත වගකිවයුතු ආයතනික සමාගමක් ලෙස, කෝවිඩ් -19 එරෙහි සටන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට සී ආයතනය කැපවී සිටින බවයි, මෙම චිත්‍රපටයේ ප්‍රචාරක අයිතිය ඇති සී (Zee) සමාගම විසින් ප්‍රකාශ කර තිබුණේ.

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 12:49

    Latest News