ඉන්දියාවේ හිටපු අගමැතිටත් කොවිඩ්

අප්‍රේ 20, 2021

    ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට කොවිඩ්-19 වෛරසය වැළදී තිබේ.

    88 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ ඇත්තේ ඔහුට උණ ගැනීම හේතුවෙන්.

    කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ඔහු නවදිල්ලි රෝහලකට ඇතුළත් කෙරුණු බවත්, ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

    කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනෙද්දී, ආචාර්ය මන්මෝහන් සිං, කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දීය විද්‍යාඥයන් සියයට සියයක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ ‘කොවැක්සින්’ එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගෙන තිබුණි.

    Last modified on අඟහරුවාදා, 20 අප්‍රේල් 2021 11:12

    Latest News