යුක්‍රේන - රුසියා රාජත්‍රාන්ත්‍රික අර්බුද විසඳීමට යුරෝපා සංමගය යොමු වෙයි

අප්‍රේ 20, 2021

    යුක්‍රේනය හා රුසියාව අතර හටගෙන ඇති රාජත්‍රාන්ත්‍රික අර්බුදය විසදීම සඳහා යුරෝපා සංගමයේ අවදානය යොමුව තිබේ. යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙන් පවසන්නේ, ඉතා සුළු සිදුවීමකින් දෙරට අතර යුධ ගැටුමක් ඇතිවිය හැකි බවයි.

    රුසියානු සහ යුක්රේන දේශ සීමාවන් දෙකේම මේ වන විට විශාල වශයෙන් හමුදා ස්ථානගත කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    යුක්රේන දේශසීමාව ආසන්නයේ ඉතිහාසයේ විශාලතම රුසියානු හමුදා ස්ථානගත කිරීම මේ වන විට සිදුකර ඇති බවයි යුරෝපා සංගමයේ ප්‍රකාශකයා පවසන්නේ.

    මේ වන විට යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදා භටයින් එක් ලක්ෂ 50,000ක් පමණ රඳවා තිබේ. යුක්‍රේනයට ද භටයින් ලක්ෂයකට වැඩි පිරිසක් රුසියානු දේශසීමාව ආසන්නයේ රඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

    කෙසේ වෙතත්, මෙම තත්වය යුද්ධයකට පරිවර්ථනය වුවහොත් විශාල අනතුරක් සිදු විය හැකි බව විදෙස් විශ්ලේෂකයින් පවසයි.

    Last modified on අඟහරුවාදා, 20 අප්‍රේල් 2021 10:43

    Latest News