තවත් ගෝලීය කොවිඩ් මරණ 13,000ක්

අප්‍රේ 15, 2021

    ගෝලීය කොරෝනා වසංගතයෙන් අද වන විට මියගොස් ඇති පිරිස තිස් ලක්ෂයකට ආසන්න වී තිබේ.

    වෛරසයේ බලපෑමෙන් ඊයේ පමණක් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 13,000කට අධිකයි. කොරෝනා වැඩිම මරණ වාර්තා වන්නේ, අමෙරිකාවෙන්. එරට මෙතෙක් සිදුව ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 5 ලක්ෂ 78,000 ඉක්මවා තිබේ.

    දෛනික වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට බ්‍රසීලය වන අතර, ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 3462ක් වාර්තා වෙයි. එම සංඛ්‍යාවත් සමග බ්‍රසීලයේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 62,000 ඉක්මවා ගිහින්.

    එරටින් දෛනිකව නව ආසාදිතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් වාර්තා වෙමින් පවතින අතර මෙතෙක් හඳුනාගනු ලැබ ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 36 ලක්ෂ 77,000 ඉක්මවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 12:11

    Latest News