බ්‍රිතාන්‍යයේ රැජින මිය ගිය සැමියාගේ නිල ලාංඡනය නැවත බාර ගනියි

අප්‍රේ 14, 2021

    බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත්‌ මහ රැජින, පිලිප්‌ කුමරුගේ මරණයෙන්‌ පසු සිය ධුරයේ රාජකාරි නැවත ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව, ඇය ප්‍රථමයෙන්‌ සිදු කර ඇත්තේ, සාමිවරයෙකුගේ නික්ම යාමේ අවස්ථාවකට සහභාගී වීමයි.

    වින්ඩ්සර් මාලිගයේ පැවති පෞද්ගලික උත්තවසයේ දී රැජින සාමිවරයාගේ නිල ලාංඡනය නැවත බාර ගනිමින් ඔහුගේ නික්මයාම පිළිගත්තා.

    රැජිනගේ සැමියා වන එඩින්බරෝහි ආදිපාද පිලිප්‌ කුමරු මියගියේ ඉකුත්‌ සිකුරාදා. මේ වන විට එරට ජාතික ශෝක කාලයක්‌ ලෙස පවතින අතර රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වෙන්නේ, එළඹෙන සෙනසුරාදා දිනයේ.

    Latest News