මහාරාෂ්ඨ ප්‍රාන්තය පුරාවට ඇඳිරිනීතිය

අප්‍රේ 05, 2021

    ඉන්දියාවේ පූනෙයි නගරය තුළ ඊයේ සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, අද මහාරාෂ්ඨ ප්‍රාන්තය පුරාවට ද ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පියවර ගත්තේය.

    ගත වූ පැය 24 තුළ දී පමණක් ඉන්දියාව තුළින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවා යෑම මෙම පියවරට හේතු වී තිබේ.

    ඊයේ දිනයට පමණක් ඉන්දියාව තුළින් නව ආසාදිතයන් එක් ලක්ෂ 3793ක් වාර්තා විය. මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ වැඩි වශයෙන් පුද්ගලයන් ගැවසීම සිදුවන බැවින්, එම ප්‍රාන්තය තුළ වැඩි වශයෙන් පුද්ගලයන් ගැවසීම සිදුවන බැවින්, එම ප්‍රාන්තය තුළින් වැඩිම ආසාදිතයන් ඊයේ වාර්තා විය.

    රාත්‍රී ඇදිරිනීතිය අද සිට ක්‍රියාත්මක වන අතර ප්‍රාන්තය තුළ පමණක් සති අන්තය පුරාවටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. ඉන්දියාව තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 25 ලක්ෂ 87,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 05 අප්‍රේල් 2021 10:03

    Latest News