'එවර් ගිවන්' නෞකාවේ කන්ටේනර් පෙට්ටි ඉවත් කිරීමට සූදානම්

මාර් 29, 2021

    ඊජිප්තු සුවස් ඇල මාර්ගයේ ගමනාගමනය එවර් ගිවන් නෞකාව හේතුවෙන් තවදුරටත් අඩාලව පවතියි.

    පසුගිය සෙනසුරාදා සිට නෞකාව ඉවත් කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වී තිබේ.

    ඇල මාර්ගය ඔස්සේ සිදුවන වඩදිය උපයෝගී කර ගනිමින් නෞකාව ඉවත් කිරීමට ගත් උත්සාහයක් මෙලෙස අසාර්ථක විය. සුවස් ඇල මාර්ගය ඔස්සේ සිදුවන අපනයනය, ආනයන බාධාවීම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කරයි.

    මේ හේතුව නිසා විදේශ උපකාර ද ඇතිව ඊජිප්තු බලධාරීන් මඩේ එරී ඇති නෞකාව ගොඩ ගැනීමට දෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

    එනම් නැව තුළ පටවා ඇති කන්ටේනර් පෙට්ටි තවත් නැවකට ඉවත් කිරීම හෝ ඇල ඉවුරට ගොඩබෑම මගින් බර සැහැල්ලු කිරීම මීළඟ පියවර වී තිබේ.

    නමුත් ඒ සඳහා අවශ්‍ය දොඹකර ඇතුළු උපකරණ ගෙන ඒමට සතියක කාලයක් ගත වන බව වාර්තා වෙයි.

    Last modified on සදුදා, 29 මාර්තු 2021 09:30

    Latest News