දරුණු දූවිලි කුණාටුවකි බීජිං වැසී යයි

මාර් 16, 2021

    චීනයේ අගනුවර වන බීජිංහි දරුණු දූවිලි කුණාටුවක් ඊයේ වාර්තා විය. දශකයකට පසු චීනයේ ඇති වූ දරුණුතම වැලි කුණාටුව මෙය බවයි,කාලගුණික කාර්යාංශය ප්‍රකාශ කළේ.

    බීජිං අවට පරිසරයට දැඩි ලෙස වායු දූෂණික තත්වයක් මේ විදුලි කුණාටුවෙන් ඇති කර තිබේ. සුළි කුණාටුව හේතුවෙන් පරිසරයේ පැවතිය යුතු වායු ගුණාත්මකභාවය අඩුවී එය නිර්දේශිත සීමාවට වඩා 160 ගුණයකින් අහිතකර තත්වයට පත්වී ඇති බවයි, වාර්තා වන්නේ.

    දූවිල වලාවකින් අවට ආවරණය වී තිබූ බැවින් සියලු ගුවන්ගමන් තාවකාලිකව නවතා දැමිණ. තවත් පළාත් 12කට මේ දූවිල කුණාටුව බලපා ඇති බව වාර්තා වෙයි.

    Latest News