ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

මාර් 16, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෝලීය වශයෙන් ලබාදීම පිළිබඳ ගැටලුවක් නොමැති බව පවසයි.

    යුරෝපා සංගමයේ රටවල් කිහිපයක ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව නවතාලීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ අවධානය යොමු කොට තිබේ.

    ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතාවයන් හේතුවෙන් ජර්මනිය,ප්‍රංශය,ඉතාලිය සහ ස්පාඤ්ඤය දැනට එන්නත ලබාදීම අත්හිටුවා තිබේ. ඒ සංකූලතා ඇති වූ පුද්ගලයන් හා කරුණු පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි.

    නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ,එන්නත් කරන ලද පුද්ගලයන් අතුරින් ප්‍රතිශත වශයෙන් ඉතා සුළු පිරිසකට පමණක් මෙලෙස සංකූලතා ඇතිව ඇති බවයි. කෙසේ වෙතත්, එන්නත් ලබාදීම නොනවත්වා සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියි.

    Latest News