අමෙරිකාවේ මිලියන 100 ඉක්මවූ පිරිසකට එන්නත්

මාර් 16, 2021

    අමෙරිකාව තුළ කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්ම වීමට ආසන්නව පවතියි.

    තව දින 10ක් ඇතුළත එම සංඛ්‍යාව ළගා වන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

    බයිඩන් ජනාධිපති ධුරය ලබා ගැනීමෙන් දින 100 සම්පූර්ණ වන දිනට එන්නත් මිලියන 100ක් ලබා දීමට මීට පෙර පොරොන්දු වී තිබිණ. එම පොරොන්දුව සාර්ථක කර ගැනීම උදෙසා දිනකට අමෙරිකානුවන් මිලියන 1.5කට ආසන්න පිරිසකට එන්නත ලබාදීම සඳහා සෞඛ්‍ය අංශ දිරිගැන්වීම කරනු ලැබීය.

    එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භයත් සමග අමෙරිකාව තුළ රෝගීන් වාර්තා වීම පහළ වැටී ඇති අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි එක් ලක්ෂ 38,000 ඉක්මවා ගොස් තිබේ.

    වාර්තා වූ ආසාදිතයන් අතරින් මේ වන විට අමෙරිකාව තුළ පුද්ගලයින් පන් ලක්ෂ 48,000 ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි.

    Latest News