ගෙවුනු සතියේ ලොව ආසාදිතයන්ගේ 17%ක අඩුවීමක්

පෙබ 10, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනූව ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි සතියටත් අඩු වී තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සතිපතා වසංගත රෝග යාවත්කාලීනයේදී කොවිඩ්-19හි නව ආසාදිතයන් මිලියන 3.1කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ වාර්තා වී ඇති අතර එය පෙර සතියට වඩා 17%ක අඩුවීමක්.

    ඔක්තෝබර් අවසන් සතියේ සිට වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාවද මෙයයි.

    වැඩිම නව 'කොවිඩ්-19' ආසාදිතයන් සංඛ්‍යාව එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 871,365ක්. කෙසේ වෙතත්, මෙම අගය ද පසුගිය සතියට වඩා 19%ක අඩුවීමක්.

    ලොව පුරා වැඩිම නව රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර බ්‍රසීලය,ප්‍රංශය,රුසියාව සහ එක්සත් රාජධානිය ද සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

    Last modified on බදාදා, 10 පෙබරවාරි 2021 14:26

    Latest News