බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය දශකයක් තුළ අවමයට

පෙබ 10, 2021

    බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය දශකයක් තුළ එහි අවම මට්ටම වාර්තා කර තිබේ. මේ හේතුවෙන් දැඩි හිමපතනයක් සිදු වෙමින් පවතින අතර ඒ හේතුවෙන් ජනජීවිතයට එල්ලව ඇත්තේ, දැඩි බලපෑමක්.

    අල්ට්නහරා ප්‍රදේශයට සෙල්සියස් අංශක සෘණ 16.7ක උෂ්ණත්වයක් වාර්තාවී ඇති බවයි, කාලගුණ දත්ත පෙන්වා දෙන්නේ. එය 2010 දෙසැම්බර් මාසයෙන් පසු එක්සත් රාජධානියෙන් වාර්තා වූ අවම උෂ්ණත්වයයි.

    එංගලන්ත, ස්කොට්ලන්ත සහ උතුරු අයර්ලන්ත බලධාරීන් අද දිනයේත් එරට ජනතාවට විශේෂ අනතුරු ඇගවීමේ නිකුත් කර ඇත්තේ, අධික හිමපතනය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවධානය පසු වන ලෙසයි.

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එරට පාසල් මෙන්ම ඇතැම් කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන ද වසා දැමීමටයි, සිදුව ඇත්තේ.

    බලධාරීන් දිගින් දිගටම අනතුරු අගවන්නේ, හැකිතාක් සංචරණ සීමා කරන ලෙසයි.

    Last modified on බදාදා, 10 පෙබරවාරි 2021 11:00

    Latest News