ඉකුත් පැය 24ට අමෙරිකාවේ මරණ 3,265ක්

පෙබ 10, 2021

    අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දස කෝටි 74 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කො‍රෝනා මරණ සංඛ්‍යාව 23 ලක්ෂ 50,000කට අධිකයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා මරණ 3,265ක් සිදුව ඇති බවයි, නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

    අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට හාර ලක්ෂ 79,000 ඉක්මවා ගිහින්. ඉකුත් පැය 24 තුළ එරට අලුතින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,542ක්. කෙසේ වුවද මේ වන විට අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ තරමක අඩුවක් පෙන්නුම් කරයි.

    මේ අතර ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 51,733 දෙනෙක් හඳුනාගෙන ඇත්තේ, එම කාලසීමාව තුළ කොරෝනා මරණ 1,340ක් සිදුව ඇති පසුබිමකයි.

    ගෙවුණු සතිය තුළ ගෝලීය කෙරෝනා ආසාදිතයන්ගේ 17%ක අඩුවීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එම සංවිධානයේ දත්තවලට අනුව ලොවපුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇත්තේ, අඛණ්ඩව සිව්වැනි සතියටයි.

    Last modified on බදාදා, 10 පෙබරවාරි 2021 11:00

    Latest News