මියන්මාරයේ ජනතාව එරට හමුදාව එරෙහිව විරෝධතාවක

පෙබ 03, 2021

    මියන්මාරයේ පරිපාලන බලය හමුදාව යටතට පවරා ගැනීමට විරෝධය පළ කරමින් එරට විශාලම නගරය වන යන්ගොන් හි වැසියන් භාජනවරට හා බඳුන්වලට පහර දෙමින් විරෝධතාවයක නිරත වනවා.

    එසේ ම එරට ප්‍රධාන රැසක සෞඛ්‍ය කාර්යය මණ්ඩල ද වැඩ වර්ජන සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

    රථ වාහන ද නලා නාද කිරීමෙන් විරෝධතාවයට එක්ව සිටිනවා. මේ වන විටත් මියන්මාර හමුදාව පාලන බලය පවත්වාගෙන යමින් සිටින අතර හිටපු නායිකා අවුන් සාන් සුකී නිදහස් කරන ලෙස බොහෝ පිරිසක් ඉල්ලා සිටිනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය මෙතෙක් කිසිවකු විසින් දැක නොමැති බවයි වාර්ථා වන්නේ. ඇයගේ ආධාරකරුවන් පවසන්නේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු නොවූ බවයි.

    ඉකුත් සඳුදා අලුයම මියන්මර හමුදාව පාලන බලය අත්පත් කරගත් අතර අවුන්සාන් සුකිගේ පසුගිය මැතිවරණ ජයග්‍රහණය ද වංචා සහගත බවට චෝදනා කළා. ප්‍රජාතන්ත්‍රවාදී ව මියන්මාරය බලයට පත් අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් අත්අංගුටව ගෙන සිටින එරට හමුදාවේ ප්‍රධානීන්ට එරෙහිව අමෙරිකානු සම්බාධක පනවනවා තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ ලොව රටවල් රැසක් මියන්මාරයේ තත්වය පිළිබඳව තවදුරටත් දැඩි අවධානයකින් පසුවන බවයි.

    Latest News