මියන්මාරයේ අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂික කවුන්සිලයේ සාකච්ජා අද

පෙබ 02, 2021

    මියන්මාරයේ හටගෙන ඇති තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී අද සාකච්ජා කිරීමට නියමිතයි.

    ලොව රටවල් රැසක් මියන්මාරයේ සිදුවු හමුදා කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළා දැක තිබේ. අමෙරිකාව පවසන්නේ, මියන්මාරයට එරෙහිව හමුදා සම්බාදක පනවන බවයි. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා මියන්මාරයේ තත්වය පිළිගත නොහැකි බව ඊයේ සඳහන් කළාය. මියන්මාර ජනාධිපති කැබිනට් මණ්ඩලය හා ප්‍රජාතන්ත්‍රවාදී නායක අවුන් සාන් සුකී මේ වන විට නිවාස අඩස්සියට පත්කර තිබේ.

    ඉකුත් නොවැම්බර් මස පැවති මියන්මාර මහ මැතිවරණයේ දී රජයක් පිහිටුවීමට අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජාතික ලීගයට හැකිවිය. හමුදාවේ ආධාර ලැබූ එරට විපක්ෂයට අත්වූයේ දරුණු පරාජයක්. හමුදාව සහ විපක්ෂය චෝදනා කළේ එම මැතිවරණය වංචනික හා දූෂිත එකක් බවයි. ඊ‍යේ හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ මහමැතිවරණයෙන් පසු ඇති වු අර්බුදයේ උච්චතම අවස්ථාව ලෙසයි.

    මියන්මාර හමුදාව නිවේදනයක් නිකුත් කරමින් වසරක හදිසි නීතිය අවසන් වීමෙන් පසු නව මැතිවරණයක් පවත්වන බවත් රාජ්‍ය බලය යළි අලුතින් පත් වන නව රජයට ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 10:57

    Latest News