බ්‍රිතාන්‍යයේ කොවිඩ් මැඩලීමට කැප වූ ශ්‍රීමත් ටොම් මුවර් මිය යයි

පෙබ 03, 2021

    බ්‍රිතාන්‍යයම කම්පා වෙන කොරෝනා මරණයක් ඊයේ (02) එංගලන්තයේ බෙඩිෆර්ඩ් රෝහලේදී සිදු විය.

    ඒ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් ගේ මරණයයි.

    හිටපු හමුදා නිළධාරියෙකු වූ ටොම් මූවර් 2020 වසරේ දී කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සඳහා පවුම් මිලියන 33 ට අධික මුදලක් රැස් කිරීමට සමත් විය. එම නිසාම ඔහු බ්‍රිතාන්‍යයේ ජාතික වීරයෙක් ලෙස හැදින්විමට පටන් ගත්තේය

    එවකට 99 වන වියෙහි පසුවූ කැප්ටන් ටොම් මූවර් සිය 100 වන උපන් දිනයට පෙර තම ගෙවත්තේ වට 100 ක් ඇවිදිමින් මෙම අරමුදල රැස් කිරීමට සමත් විය

    ඔහු එම වැඩසටහන ආරම්භ කලේ පවුම් 1000 වැනි අරමුදලක් රැස් කිරීම සඳහාය. එහෙත් ඔහුගේ ව්‍යාපෘතියට ලැබුනු විශාල ජනතා ආකර්ෂණය නිසා අවසානයේ එය මිලියන 33 ක පමණ දැවැන්ත මුදලක් විය.

    ඇවිදින උපකරණයක ආධාරයෙන් එවැනි දුරක් ඇවිදිමින් වයෝවෘද්ධ පුද්ගලයෙකු විසින් සිදුකල විශාලතම ආධාර වැඩසටහන එය විය.

    දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ සහ බුරුමයේ සේවය කල ටොම් මූවර් මෙම ආධාර වැඩසටහන නිසාම පසුගිය වසරේ බ්‍රිතාන්‍ය රැජිණගෙන් නයිට්වරයෙකු ලෙස පිදුම් ලැබුවා.

    එලිසබත් මහ රැජිණ සියළු රාජකීය උත්සව නවතා ඇති සමයක ටොම් මූවර් වෙනුවෙන් උළෙලක් සංවිධානය කිරීම කැපී පෙනුනා. එතැන් සිට ඔහූ 'ශ්‍රීමත් කපිතාන් ටොම් මූවර්' ලෙස හැඳින් උනා.

    2021 වසර එළඹීමේදී බ්‍රිතාන්‍යයේ පැවැති සුප්‍රසිද්ධ 31 රාත්‍රී ආලෝක සංදර්ශනයේදී ආලෝක ධාරා ආශ්‍රයෙන් ශ්‍රීමත් ටොම් මූවර් ගේ රැව අහසෙහි අඳිමින් ඔහුට උපහාර දැක්වීමටද බ්‍රිතාන්‍ය රජය කටයුතු කරා.

    පසුගිය 22වන දින කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඉන්පසු නිව්මෝනියාව රෝගයෙන් පෙලුණු ටොම් මූවර් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් රෝහල් ගතකරනු ලැබුවා.

    එහිදී සිදුකරන ලද පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වැලඳී ඇති බව තහවුරු උනා. එතැන් පටන් ජාතික සෞඛ්‍ය සේවයේ ඉහළම සැලකිලි මත රෝහලේ ගත කළ ශ්‍රීමත් ටොම් මූවර් සිය ජීවිතයෙන් සමුගත්තේය

    Latest News