පරිසර හිතකාමී ඉන්ධන යෙදු රොකට්ටුවක්

පෙබ 02, 2021

    පරිසර හිතකාමී ඉන්ධන භාවිත කරමින් ප්‍රථම වරට රොකට්ටුවක් ගුවන්ගත කිරීමට අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.

    ස්ටාර්ඩස්ට් නමින් නම් කර ඇති මෙම රොකට්ටුව පර්යේෂණ මට්ටමේ රොකට්ටුවක්. කාබනික අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙහි ඉන්ධන නිපදවා තිබේ. මෙය නිපදවීම සඳහා වසර 6කට වැඩි කාලයක් ගතවූ බවයි, ඔවුන් පවසන්නේ.

    එසේම එය පරිසර හිතකාමී බවත් ඔවුන් සඳහන් කරයි. ප්‍රථම අත්හදා බැලීමේ සාර්ථක උත්සාහයෙන් පසුව ඔවුන් සඳහන් කර සිටියේ අභ්‍යවකාශයට භාණ්ඩ ප්‍රවාහනය කිරිම සඳහා පරිසර හිතකාමී සහ ලාභදායී මාර්ගයක් සැකසීම ඔවුන්ගේ අරමුණ බවයි.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 10:30

    Latest News