ප්‍රථම වරට ගුවන් යානයක් මගින් රොකට්ටුවක් ගුවනට

ජන 18, 2021

    ප්‍රථම වරට ගුවන් යානයක් මාර්ගයෙන් රෝකට්ටුවක් ගුවන් ගත කිරීමට අමෙරිකානු වර්ජින් ඔබිට් සමාගම පියවර ගෙන තිබේ.

    ඒ අනූව, රොකට්ටුව මගින් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනු ඇති. ඊට භාවිත කර ඇත්තේ, බෝයිං 747 වර්ගයේ යානාවක්. සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, අඩු වියදමකින් අභ්‍යවකාශයට ළගාවීමයි.

    රොකට්ටුවක් ගුවන් ගත කිරීමට වැය වන අති විශාල පිරිවැය අවම කිරීමයි, ඔහුගේ මූලික අරමුණ.

    ඊට අමතරව ලොව ඕනෑම ප්‍රදේශක සිට චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ද එමගින් හැකිවෙයි. ඊයේ ගුවන් ගත කෙරුණේ, සපත්තු පෙට්ටියක ප්‍රමාණයේ චන්ද්‍රිකාවක්. එය එරට ‍විශ්වවිද්‍යාලයකින් නිපදවන ලද්දක්.

    Last modified on සදුදා, 18 ජනවාරි 2021 10:23

    Latest News