WHO කණ්ඩායමක් වූහාන් නගරයට

පෙබ 01, 2021

    කොරෝනා වසංගතයේ මූලාශ්‍ර පිළිබඳව සොයා බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රවීණයන්ගෙන් යුත් කණ්ඩායමක්, චීනයේ වූහාන් නගරය වෙත අද ළඟා වූහ.

    ඒ, 2019 අගභාගයේදී කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ඇරඹියේ යැයි, පවතින විශ්වාසය සම්බන්ධව සොයා බැලීම සඳහා. චීනය වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරින් අද එරට රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය වෙත පැමිණියේ දින 14ක නිරෝධායන කාලසීමාවක් අවසන් කිරීමෙන් අනතුරුව.

    අද දිනය තුළ පැය හතර හමාරකට අධික කාලයක් මෙම මධ්‍යස්ථාන තුළ රැඳී සිටිමින් ඒ සම්බන්ධ සාකච්ජාවල නිරත වූහ. ඒ අනුව වෛරසය මුල් කාලයේ හඳුනාගත් රෝහල්, වෙළෙඳපොළ සහ ස්ථාන පිළිබඳව අධ්‍යයනයක ද ඉදිරියේ දී නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Latest News