ගාසා තීරයට රොකට් ප්‍රහාරයක්

පෙබ 25, 2020

    ඊශ්‍රායල හමුදාව,ගාසා තීරයට ඊයේ දිනයේත් රොකට් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ පලස්තීන හමුදාව ඉලක්ක කරගෙන.

    ඊශ්‍රායල හමුදාව මීට අමතරව, සිරියානු ඉලක්ක වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තම රටට එල්ල වූ ප්‍රහාරවලට පිළිතුරු ලෙස මෙය සිදු කළ බව, ඊශ්‍රායලය පවසයි. ප්‍රහාරවලින්,පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් දෙදෙනෙකු මියගියේය. එසේම, සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු ද තුවාල ලැබූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 11:11

    Latest News