චීනයෙන් තවත් චන්ද්‍රිකාවක්

අප්‍රේ 08, 2022

    චීනය Gaofen (ගඕෆන්) අංක තුන වර්ගයට අයත් තුන්වැනි චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කරයි.

    ඊයේ (7) පෙරවරුවේ, චීනයේ ජිව්චුවාන් (Jiuquan) චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March වාහක රොකට්ටුව භාවිතයෙන් එම චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කෙරිණ. එය නියමිත කක්ෂයට නිසිලෙස ඇතුළු වූ අතර, මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී තිබේ.

    මෙම චන්ද්‍රිකාව චීනයේ සමුද්‍ර සංවර්ධනය, භෞමික පාරිසරික සම්පත් අධීක්ෂණය සහ හදිසි ආපදා වැළැක්වීම සඳහා මෙහෙයුම් දත්ත ලබාගැනීම වෙනුවෙන් භාවිත කෙරෙනු ඇත. එසේම, විශ්වසනීය සහ ස්ථායී අධි-විභේදන SAR රූප ලබාගැනීම ද අපේක්ෂිත ප්‍රධාන අරමුණකි. ‍

    මෙය, Long March මෙහෙයුම් මාලාවට අයත් වාහක රොකට්ටුවේ 414 වැනි අභ්‍යවකාශ ගමනයි.

    Last modified on සිකුරාදා, 08 අප්‍රේල් 2022 11:35

    Latest News