ඩුබායි නුවර ගඟක් වෙයි

මාර් 11, 2024
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    ඩුබායි ඇතුළු මැදපෙරදිගට වර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීම් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වනවා.
    එම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ පසුගිය සති අන්තයේදී එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රාන්ත කිහිපයකට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බවත්, ඩුබායි නුවර වැසියන්ට නිවාසවලින් පිටතට නොයන ලෙස උපදෙස් දී ඇතැයි ද වාර්තා වනවා.
    පසුගිය සෙනසුරාදා අඛණ්ඩව පැය 6ක කාලයක් වර්ෂාව ඇද හැලීමෙන් ඩුබායි නුවර නිවාස, ගොඩනැගිලි සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද, මෝටර් රථ විශාල ප්‍රමාණයක් ද ගංවතුරට හසු වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළා.

    Latest News