කාන්තා දිනය සැමරූ මේගන්

මාර් 08, 2020

    ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා බ්‍රිතාන්‍යයේ මේගන් කුමරිය පසුගියදා නැගෙනහිර ලන්ඩනයේ පිහිටි පාසලක උත්සවයකට සහභාගී විය.

    සසෙක්හි ආදිපාදිවරයා මේ දිනවල ඔවුන්ගේ අවසාන රාජකීය උත්සව වලට සහභාගී වෙමින් සිටියි. එහිදී ඇය පාසල් දරුවන් අමතා කාන්තාවන් බලගැන්වීම, සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී - පුරුෂ සමානතාවය පිළිබඳ අදහස් පළ කර සිටියාය.

    එසේම ඇය කියා සිටියේ, කාන්තාවන් සෑමවිටම සමාජයේ පෙරටුගාමීව ක්‍රියා කළ යුතු බවයි. උත්සවය, රාජකීයෙකු වශයෙන් ඇය සම්බන්ධ වන අවසාන අංගයන්ගෙන් එකක්. පසුගිය ජනවාරි මාසයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සියලුම රාජකීය නිල කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළේය.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 11:16

    Latest News